gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එකක් ඉවර වෙනකොට තව එකක්! ක්‍රිකට් නිලවරණයේදී ඇමැති බලතල මත නාමයෝජනා අහෝසි කිරීමේ අලුත් සැලැස්මක්! දැනටමත් පරීක්ෂණ අරඹලා! පාපන්දුවට වෙච්ච දේම ක්‍රිකට්වලටත් වෙයිද?

ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල උපයෝගී කරගනිමින් ඇතැම් නාමයෝජනා අහෝසි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බවට ඉහළ දේශපාලන අධිකාරිය වෙතට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව දැනගන්නට තිබේ.

මෙම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පනවන ලද නව රෙගුලාසිවලට එරෙහිව අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති තීරණය නිසා වෙනක් ක්‍රමවලින් විධායක කමිටුවට පැමිණීම සඳහා සැලසුම් කළ යම් යම් පිරිස් මේ පසුපස සිටින බවකි.

මෙම පිරිස නිලවරණයට නාමයෝජනා හෝ ලබා දී නොමැති බවද දැනගන්නට තිබේ.

ඒ අනුව මෙම පිරිස අමාත්‍යවරයාගේ බලතල උපයෝගී කොටගෙන නිලවරණයේ ඇතැම් නාමයෝජනා අහෝසි කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කළ අභියාචනා උපදේශක කමිටුව වෙත 2021/2023 ධූර කාලය සඳහා නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේදී ඉදිරිපත් කළ නාමයෝජනාවලට විරෝධතා මත පදනම්ව නව පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කිරීම මගින් මේ උත්සාහය දියත් කර ඇති බවත් මෙම පැමිණිල්ලේ සදහන්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනටමත් අභියාචනා උපදේශන කමිටුවේ ලේකම්වරයා හරහා ඇතැම් නාමයෝජනාවල විරෝධතා සඳහා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

එහෙත් නීතිරීති ප්‍රකාරව නිලවරණයක කාලසීමාව අවසාන වන මොහොතක එම නිලවරණයට අදාළව පරීක්ෂණ පැවැත්වීම ඉතා විහිලුසහගත අමනෝඥ ක්‍රියාවක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නිසි ආකාරයෙන් නොපැවතුණහොත් අනිවාර්යෙන්ම පාපන්දු ක්‍රීඩාවට සිදුවූවා සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ තහනමට ලක්වීම නොවැළැක්විය හැකි කරුණක් බව ද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් යම් හෙයකින් තවදුරටත් දේශපාලන අතපෙවීම් මත ක්‍රිකට් නිලවරණයේ කටයුතු අඩපණ කිරීමට ක්‍රීඩා ඇමතිවරයා මැදිහත් වුවහොත් ඊට එරෙහිව පියවර ගැනීමටද මේ වනවිටත් තීන්දු වී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka