මහ බැංකු අධිපති ශ්‍රේෂ්ඨාධිකරණයේ... ඔහුට විනිසුරුවන්ගේ ස්තුතිය... රහසිගත තීන්දුවක් කතානායකට!
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ දිනයේ ස්තුතිය පල කරන ලදී.
ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සම් විභාගයට පෙනී සිටීම සම්බන්ධයෙනි.
එම පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාග කර අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බවද අධිකරණයේදී සඳහන් කළේය.
පෙත්සම්වලට අදාළ විභාගය අවසන් කළ අධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන 27 වන දා වන විට ගොනුකරන ලෙස ද පාර්ශවකරුවන්ට දැනුම්දී තිබේ.
මහ බැංකු අධිපති ශ්‍රේෂ්ඨාධිකරණයේ... ඔහුට විනිසුරුවන්ගේ ස්තුතිය... රහසිගත තීන්දුවක් කතානායකට!
2023-03-25T09:00:00+05:30
Lanka Hot News






