gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැකට්ටුවේ බේගල් දැමූ ප්‍රීමා නූඩ්ල්ස් විකුණූ කාර්ගීල්ස්ට නඩුවක්!

ප්‍රීමා නූඩ්ල්ස් නිෂ්පාදනය කර බෙදාහරින නොම්බර 346, මීගමු පාර. සීදුව යන ලිපිනයේ ඇති සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය (ප්‍රීමා ගෲප් – ශ්‍රී ලංකා) හා ස්ටෙපල්ස් ස්ට්‍රීට්, කොළඹ 02 යන ලිපිනයේ ඇති කාර්ගීල්ස් ෆුඩ්ස් කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් (කාර්ගීල්ස් ෆුඩ්සිටි) ආයතන දෙක සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නඩු පවරා තිබේ.

ඒ අදාළ සමාගම විසින් දිනුම් ඇදීමක් පවත්වා අවසන්වීමෙන් පසුව ද අදාළ එම දැන්වීම නූඩ්ල්ස් ඇසුරුම්වල ප්‍රදර්ශනය කරමින් විකිණීම සම්බන්ධයෙනි.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රීමා හා කාර්ගීල්ස් ෆුඩ්සිටි ආතනවලට B82687/05/2023 යන අංකය යටතේ අධිකරණයට නඩුවක් ගොනුකරමින් පෙන්වා දී ඇත්තේ මේ සමාගම් පාරිභෝගිකයා රවටා නොමඟ යවා ඇති බවයි.

ඒ අනුව එම සමාගම් දෙකට නොමඟ යැවීමට හෝ රැවැටීමට තුඩුදෙන අයුරින් ප්‍රීමා නූඩ්ල්ස් පැකට් මත දිනුම් අදින බවට මුද්‍රණය කර දිනුම් ඇදීම අවසන් වූ පසුවත් අදාළ භාණ්ඩ විකිණීම යන චෝදනාව හා නොමඟ යැවීමට හෝ රැවැටීමට තුඩුදෙන අයුරින් ප්‍රීමා නූඩ්ල්ස් පැකට් මත දිනුම් අදින බවට මුද්‍රණය කර දිනුම් ඇදීම අවසන් වූ පසුවත් භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කිරීම හා බෙදා හැරීම යන චෝදනා දෙක යටතේ නඩුව ගොනුකර ඇත.

සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (ප්‍රීමා ගෲප් – ශ්‍රී ලංකා) හි සාමාන්‍යාධිකාරීවරයා ලෙස  ෂුන් ටියන් ඇෂිං මහතා ද, නියොජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස සජිත් ගුණරත්න මහතා ද ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු ලෙස ඩොනවන් ඔන්ඩච්ඡි මහතාද කටයුතු කරනු ලබයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka