අනුර දිසානායකට මෙරට ජනාධිපති විය හැකි ජන ප‍්‍රසාදයක් තිබෙනවා..
ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට රටේ ජනාධිපති වරයා විය හැකියැයි පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් සඳහන් කරති.
ජාතික ජන බලවේගයට අද වන විට විශාල ජන ප්‍රසාදයක් ඇති වී තිබෙන බවද පවසන උන්වහන්සේ ඇති අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට ගියහොත් විශාල ගමනක් යා හැකි බවත් රට සංවර්ධනය කළ හැකි බවත් උන්වහන්සේ කියා සිටිති.
අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
අනුර දිසානායකට මෙරට ජනාධිපති විය හැකි ජන ප‍්‍රසාදයක් තිබෙනවා..
2023-03-08T18:12:00+05:30
Gossip Lanka Hot News






