පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!
පක්ෂ දේශපාලනයෙන් බැහැර වී ස්වාධීනව කටයුතු කරගෙන යෑමට පියවර ගන්නා බව නීතිඥ සංගමයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න අද (25) ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙතෙක් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් දැරූ වගකීම නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස භාර ගනිමිනි.
ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයාය.
2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය සඳහා තරග වැදීමට නීතිඥ කෞෂල්‍ය නවරත්න පමණක් ඉදිරිපත් වී සිටි බැවින් ඔහු ඡන්ද විමසීමකින් තොරව එම සංගමයේ සභාපතිවරයා ලෙස පත් විය.
මේ අතර නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් 13දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා වන නිලවරණය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදෑසන පැවැත්වුණි.
පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!
2023-03-25T21:51:00+05:30
Gossip Lanka Hot News






