gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති මෛත්‍රි ඝාතන චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි සේවයට !

පසුගිය 2018 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට වූ චෝදනා මත වැඩ තහනමට ලක්වූ එවකට ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි සේවයේ ස්ථාපනය කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඔහු පුත්තලම  ප්‍රෙද්ශය  භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදු කළ  බවට නාමල් කුමාර නැමැත්කු විසින් කරන ලද පැමිණිල්ලක් පසුබිම් කරගෙන  ඔහුට අදාළව විනය පියවර ගැනුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද කටයුතු කෙරිණි. කෙසේ වුවද ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා තහවුරු කර ගැනීමට විමර්ෂණවලද අපොහොසත් විය.
මෙම තත්ත්වය මත වැඩ තහනමකට ලක්ව සිටි නාලක ද සිල්වා මහතා පසුගියදා රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් වෙත සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ඔහු යළි සේවයේ ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගෙන තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka