බීමතින් වාහන පැද්දොත් ඇපත් නෑ - වාහනෙත් නෑ
බීමතින් රිය පදවන රියදුරන්ට පොලිස් ඇප ලබාදීමේ ක්‍රමය අත් හිටුවීමට පොලිසීය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම නව තීන්දුව අනුව මෙතෙක් බීමත් රියදුරන්ට පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ ලබාදුන් ඇප සම්බන්ධයෙන් වන බලය අත්හිටුවා ඇති බවයි.
මෙම නව තීරණයත් සමග අත් අඩංගුවට ගන්නා බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබානොදී සෘජුව අධිකරණයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මීට පෙර තුන්වන පාර්ශ්වයකට වාහනය නිකුත් කිරීමේ හැකියාවක් පැවතිය ද එය ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
බීමතින් වාහන පැද්දොත් ඇපත් නෑ - වාහනෙත් නෑ
2023-03-27T22:41:00+05:30
Gossip Lanka Hot News






