gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

රැඳවුම් භාරයේ සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ සහ සළිඳු මල්ෂිත ගුණරත්න හෙවත් කුඩු සළඳුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ආකාරය ගැන සතියක් ඇතුළත අධිකරණයට කරුණු දක්වන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද පොලිස් මූලස්ථානයේ මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කරනු ලැබුවේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්  කරනු ලැබුවේ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ඇතුළු නීතිඥ මණ්ඩලක් හරක් කටගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාක්ෂව තහවුරු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමිනි.

මෙහිදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වූ මාකඳුරේ මධුෂ්ට අත් වූ ඉරණම පිළිබඳව සිහිකරමින්  ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා භාරයේ තබාගෙන සැකකරුවන් පිටතට රැගෙන යන ලෙසය.
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka