gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සියල්ලන් යටත්…” මැතිවරණයට අදාල රඳවාගත් මුදල නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි!

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව අයවැයෙන් ඡන්දය සඳහා වෙන්වූ මුදල රඳවා නොගෙන නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේය.
ඒ අනුව අධිකරණ තින්දුව ප්‍රකාරව වියදම් පෙළගැස්වීමක් කිරීමට සිදුවනක බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

“ඇත්තටම අධිකරණ තීන්දුවට අපි ඕන කෙනෙක් ගරු කරන්න ඕනේ. මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන්.. රජය වෙන්න පුළුවන්.. ආයතනයක් පෞද්ගලිකව වෙන්න පුළුවන්.. අධිකරණ තීන්දුව පැහැදිලිකරගෙන කටයුතු කිරීම හැමදෙනාගෙම වගකීමක්. “

“මුදල් අමාත්‍යංශය අනුව එ් ගෞරවය අනුව කටයුතු කරනවා. එහි කිසිදු ගැටලුවක් දකින්නේ නෑ. අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කිරීම හැම කෙනෙක්ම බැඳිලා ඉන්න විශේෂ වගකීමක්. අධිකරණ තීන්දුව අනුව වියදම් පෙළගැස්සවීමක් කරන්න සිදුවේවී.”

2023 අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඊයේ (03) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම ද වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka