gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතනවල පාලන බලය හිමි විශේෂ කොමසාරිස්වරුන් ලෙස එම ආයතනවල හිටපු සභාපතිවරුන් පත් කිරීමේ උත්සාහයක් තවමත් පවතින බවත් එවැනි ප්‍රයත්නයකට පවතින නීතිය යටතේ කිසිදු ඉඩක් නොමැති බවත් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම ආයතනවල සභාපතිවරුන් ලෙස ක්‍රියා කරන්නේ ඊළඟ මැතිවරණය සඳහා අපෙක්ෂකයන් ලෙස නාම යෝජනා භාර දුන් පුද්ගලයන් බවත් එවැනි තත්ත්වයක් තුළ ඉදිරි මැතිවරණයට එය බාධාවක් විය හැකි බවත් මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව මේ පිළිබඳව යෝජනාව ගෙන ආවේ පොදු ජන පෙරමුණ මඟිනි.

පැවැති පළාත් පාලන ආයතන රැසක බහුතර බලන එම පක්ෂයට හිමිව තිබූ අතර ඔවුන්ට සිය දේශපාලන කටයුතු පහසු වීම සඳහා මෙම ආයතන කෙසේ හෝ තම පාලනය යටතේ පවත්වා ගැනීමේ හැකියාව පිළිබඳව පසුගිය සති කිහිපය තුළද සාකච්ඡාවට ලක්වු අතර ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ රාජ්‍ය නිලධාරීන් පලාත් පාලන ආයතන තුළ ක්‍රියා කරන ආකාරය ඉතා අකාර්යක්ෂම වන බැවින් මෙම ආයතන පළාත් පාලන කොමසාරිවරයා යටතේ රාජ්‍ය නිලධාරීන් හරහා පවත්වාගෙන යාම රටේ මහජනතාවට අවාසිදායක බවයි.

කෙසේ වුවද මේ පිලිබඳව යම් අදහසක් ඉදිරිපත් වුවද ඊට ඉඩකඩ ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් නැති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර දැනට පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ලබා දී ඇති රාජ්‍ය සේවකයන් මුහුණ දී සිටින වැටුප් ලබා ගැනීමේ ගැටලුව ඇතුළු පවතින තත්ත්ව සාකච්ඡා කිරීම සඳහා පළාත් පාලන විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka