gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සිපෙට්කෝ සේවකයන් 3,700ක් දොට්ට… IOC ඉන්නේ 100යි…

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රතිව්‍යුහගත කරන වැඩපිලිවෙල යටතේ එහි සේවකයන් 3700 ආසන්න පිරිසකට රැකියා අහිමි වනු ඇති බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. දැනට තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම්වල සේවකයන් 4200ක් පමණ සේවය කරති.
ඉන්ධන බෙදාහැරීම ගබඩා කිරීම ආදී කටයුතු සඳහා සේවකයන් පන්සීයයක් හොඳටම ප්‍රමාණවත් යැයි පසුගියදා පැවති සාකච්ඡාවක දී නිලධාරින් විසින් රජයට පවසා තිබේ.

ඒ අනුව අතිරික්ත සේවකයන් විශ්‍රාම ගැනීම සඳහා ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතව ඇත.

දැනට විශාල වශයෙන් ලාබ ලබමින් මෙරට තෙල් වෙළදාමේ යෙදෙන ලංකා ඉන්දීය තෙල් සමාගමේද සේවකයන් සිටින්නේද සීයක් පමණ පිරිසක් බවද එම නිලධාරියා පැවැසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka