අද රෑට පළාත් පාලන ආයතන 340ම ඉවරයි! ඒත් ඡන්දෙ?
මහ නගර සභා 29 ක, නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක නිල කාලය එලෙස අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වනු ඇත. දිවයිනේ පළාත් පාලන ආයතන 341 ක් ස්ථාපිතව තිබුණ ද, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවීම ප්‍රමාද වූ බැවින් එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය පමණක් අවසන් නොවනු ඇත.
අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු, පළාත් පාලන ආයතනවල පරිපාලන කටයුතු කොමසාරිස්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතට පත්කරන බව, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, පළාත් පාලන ආයතන නීතිය අනුව එම කටයුතු සිදුවන බවයි.
පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් දැනට භාවිත කරන නිල රථ, නැවත භාරදෙන ලෙස දැනුම්දී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
අද රෑට පළාත් පාලන ආයතන 340ම ඉවරයි! ඒත් ඡන්දෙ?
2023-03-19T15:31:00+05:30
Gossip Lanka Hot News






