gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පඩි නැතිව මාස 06ක් වැඩ කරන්න පොහොට්ටු මන්ත්‍රීවරුන් කැමති කරගෙන…. පලාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරන්න පොහොට්ටුවෙන් යෝජනාවක්…

පළාත් පාලන   ආයතනවල නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විෂය භාර අමාත්‍යවරයා සතුව එක් ප්‍රතිපාදනයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඡන්දයට මුදල් ලබා දිය හැකි කාලසීමාව පවසන්නේ නම් ඒ වනතෙක් පළාත් පාලන ආයතනවල කාලසීමා දීර්ඝ කිරීමට විෂය භාර ඇමතිවරයාට  නීතිමය ප්‍රතිපාදන පවතින බවය.

මෙම ප්‍රකාශය කිරීමට පෙර මීට දෙසතියකට පමණ ඉහත දී පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජ්‍ය පක්ෂ පොහොට්ටුවේ සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ නගරාධිපතිවරුන් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයට ගෙන්වා මාස හයක කාලයක් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරගත හොත් වැටුප් රහිතව සේවය කළ හැකිදැයි විමසා ඇත.

එහිදී සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයින් කිසිම විරෝධයක් පළ නොකර එම යෝජනාවට ඒකමතිකව එකඟ වි තිබේ.

අනතුරුව පසුගිය සතියේ අගමැති මෙන්ම විෂය භාර ඇමති  දිනේෂ් ගුණවර්ධන හමුවී ඇති පොහොට්ටුවේ ප්‍රධානීන් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරන ලෙසට ඉල්ලීමක් කර ඇත.

ඒ සඳහා කිසිම ව්‍යවස්ථාපිත ඉඩක් නැති පෙනී ගියත් පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් වෙත නොපවරා මේ මොහොතේ පවතින තත්ත්වය පිළිගෙන ඡන්දය පැවැත්වීම දීර්ඝ කාලීනව වැදගත් බව පොහොට්ටු ප්‍රධානීන්ගේ මතය වී ඇතැයි දැනගන්නට ඇත.

-කීර්ති ප්‍රනාන්දු
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka