මාමා කරපු දේ බෑනා නොකළොත් එයා නොට්ටිගෙ බෑනා - ගම්මන්පිල
ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ මුදල් නොමැති නිසා නොව ඡන්ද නොමැති නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ“ නිදහස් ජනතා සන්ධාන “ නායකයන් පැවැත්වූ මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ“ නිදහස් ජනතා සන්ධාන “ නායකයන් පැවැත්වූ මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
මාමා කරපු දේ බෑනා නොකළොත් එයා නොට්ටිගෙ බෑනා වෙනවා කියලා හිතෙන හන්දද මන්දා මාමාගේ අඩි පාරේ යමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මැතිවරණ සිතියම අකුලන්න තීරණය කර තියෙනවා.
එතන අප දකිනවා එක් නීතිමය ප්‍රශ්නයක්. මෙවර ඉදිරිපත් කළ 2023 අයවැය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා නම් ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙනවා. ආණ්ඩුව මේ අයවැය ඉදිරිපත් කළේ වර්තමාන ජනාධිපතිතුමා යටතේ, මුදල් ඇමතිතුමා යටතේ සහ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ පූර්ණ වූ අවබෝධයක් සහිතව.
අයවැය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට හැකියාවක් නෑ කියන එකයි ප්‍රතිපාදන වෙන් කරපු, මුදල් වෙන් කරපු මැතිවරණයට මුදල් නිදහස් කරන්න ආණ්ඩුවට බැරි වෙනවා කියන එකෙන් පේන්නේ. අයවැයෙන් වෙන් කළ මුදල දෙන්න බැරි වුණා කියන්නේ අයවැය පරාජය වුණා හා සමානයි. ආණ්ඩුවක අයවැය පරාජයට පත් වුනොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. මේ අයවැය මහපොලොවෙ ක්‍රියාත්මක කරන්න බැහැ කියලා අද දිනයේ ප්‍රායෝගිකව ඔප්පු කළ ආණ්ඩුව තමන්ගේ අයවැය පරාජය වුණා සේ සලකා වහාම ඉල්ලා අස්විය යුතුයි කියලා අප යෝජනා කරනවා. ආණ්ඩුවට ප්‍රශ්නේ තියෙන්නේ සල්ලි නැති එක නෙවෙයි. ආණ්ඩුවට ඡන්ද නැති එක. IMF එකෙන් සල්ලි ලැබුණත් ඡන්ද නැති හන්ඳා තවත් කෝඳුරු තෙල් හත් පට්ටයක් හොයා ගන්න අවශ්‍යයි කියනකං ඡන්දය නම් තියන්නේ නෑ. ඡන්දය දෙන්නේ නැහැ. ඡන්දය අපි ගන්න ඕනෑ .
– Media unit
මාමා කරපු දේ බෑනා නොකළොත් එයා නොට්ටිගෙ බෑනා - ගම්මන්පිල
2023-02-15T21:16:00+05:30
Lanka Hot News






