gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගනිද්දී ඉසුරුපායේ හිටපු ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකුත් පොලිසියෙන් අල්ලන් ගිහින්!

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය අතරතුර ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළට ඊයේ (23) පස්වරුවේ බලහත්කාරයෙන් ඇතුළුවීමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයත් ඇතිවිය.

විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ විරෝධය පළ කරමින් සිටින අතරතුර පොලීසිය එහි පැමිණ විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

මේ අතර අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් ගුරුවරුන් දෙදෙනා ඇතුළු සෙසු පිරිස තලංගම පොලීසිය භාරයේ පසුවෙයි.

ඔවුන් බැලීම සඳහා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ තලංගම පොලීසියට පැමිණ තිබුණි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා,

“තවමත් අපිට බලන්න දුන්නේ නැහැ. මොකක්ද මේ නීතිය. අපි කියන්නේ වහාම මේ අයව නිදහස් කරන්න. එහෙම නොවුණොත් අපිට වෙනවා..අධ්‍යාපන පද්ධතියත් එක්කම කතා කරලා යම් තීරණයකට එන්න.”

නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කළේ,

“පොලීසි ගණනාවක මේ පිරිස රඳවා තබාගෙන ඉන්නවා. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බස් රථයක තබාගෙන දරුණු ලෙස පහර දුන්නා කියලා වාර්තා වෙනවා. වසන්ත මුදලිගේ ගේ ජීවිතය අවදානම්. මේ සියලු දෙනාවම එක තැනක රඳවා තබාගැනීමේ හැකියාව තියෙද්දි කණ්ඩායම් කණ්ඩායම් තැන් තැන්වල රඳවාගෙන තිබෙනවා. එක බරපතළ සැකයක් මතු කරන කරුණක්.”


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka