gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත්ගේ සොයුරිය දුලාංජලී අනුර කුමාරට එරෙහිව නඩු දැමීමට සැරසෙයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ සොයුරිය වූ දුලාංජලී  ජයකොඩි අපහාස චෝදනා එල්ල කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.

ඇය මෙම නඩුව ගොනු කිරීමට සූදානම් වන්නේ වර්ෂ 2017 වසරේ සිදුවා යැයි අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කරන ලද මූල්‍ය ගනුදෙනුවක්  ම්බන්ධයෙනි.

දුලාංජලී ජයකොඩි නීතිඥයෙක් මාර්ගයෙන් එන්තරවාසියක් නිකුත් කරමින් පවසන්නේ මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධ වේදිකාවක කරන ලද මෙම  ප්‍රකාශය  සම්බන්ධව අදාළ නීතිමය ක්‍රියාමාර්ගය ගන්නා බවය.

ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුදල් ගෙවීමක් සිදුකිරීමේ දී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් නෝට්ටු  දුලාංජලී ජයකොඩි වෙත භාර දීම සම්බන්ධව 2017 මැයි මාසයේ දී පුද්ගලයෙක් අධිකරණය ඉදිරියේ වරද පිළිගත් බවත්, ඒ සඳහා විපක්ෂ නායකවරයාගේ නැගණියවන දුලාංජලී ජයකොඩිට රුපියල් මිලියන දෙකක වන්දියක් ලැබුණු බවත් අදාල එන්තරවාසියේ සඳහන් වේ.

එම එන්තරවාසිය පහත දැක්වේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka