gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැබිනට් යෝජනා රැසකට ජනපති බෑ කියයි – ජනපති ලේකම්ට කළ යුතු දේ කියයි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා වෙනුවෙන් විදේශ ගත වෙද්දී සිය පවුලේ සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ගමන් ටිකට් පත් ලබා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා මේ අවස්ථාවේ ඉදිරිපත් නොකිරීමට තීරණය වී තිබෙනවා.

ඉකුත් සතියේ ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනා මාලාවක් සංශෝධනය කොට නැවත එවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මගින් කැබිනට් ලේකම්වරයාට උපදෙස් නිකුත් කර තිබුුණා.

මීට අමතරව අධ්‍යපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ආදාර්ශ පිලිතුරු පත්‍ර සැකසීම වෙනුවෙන්  ගාස්තුවක් රජයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත ගෙවන අතර ඊට බදු අය නොකරන ලෙසට ද ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් අතර වනවා.

පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් ආචාර්යවරුන්ට වසර හත බැගින් වූ නිවාඩුවක් අවස්ථා දෙකක දී හිමි වන අතර බහුතරයකට මෙය ශිෂ්‍යත්වයක් ලෙස හිමි වනවා. එහිදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද විදේශගත වන බැවින් එම අවස්ථාවලදී පවුලේ සාමාජිකයන්ට ද රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබා දෙන ලෙස ඉල්ලීමක් ද ඉදිරිපත්ව තිබෙනවා.

එසේම ඔවුන්ට හිමි දීමනා වලින් බදු ඉවත් කරන ලෙසත් විශ්ව විද්‍යාල උපකුලපතිවරු සම්මුඛ පරික්ෂණ පවත්වා පත් නොකරන ලෙසට ද ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා. මෙහිදී ජනපතිවරයා දැනුම් දී ඇත්තේ සනාතන සභාවෙන් නම් තුනක් යොමු කළහොත් ඉන් එක් නමක් තමන්ට පත් කළ හැකි බවයි.

විශ්ව විද්‍යාල සමිති සම්මේලනයේ යෝජනා මාලාවක් ලෙස මෙම ලියවිල්ල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය  හරහා කැබිනට් අනුමැතිය වෙනුවෙන් පැමිණ ඇති අතර එය සංශෝධනය කර යොමු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  කැබිනට් ලේකම්වරයා වෙත යොමු කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka