ප්‍රවාහනයට අදාල ඇමතිවරයෙකු විසින් තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් ඇතැයි නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සභාපති වෛද්‍ය සචින්ද‍්‍ර ගමගේ මහතා පැවසීය. ප්‍රවාහන වෛද්‍ය ආයතනය ජනතාවට ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කළේ තමන් බවත් පගා ගහන ගුහාවක් බවට පත්වී තිබූ තත්වය තමන් විසින් නතර කළ බවත් ඔහු සඳහන් කරයි.
ඒ පුද්ගලයන් විසින් දුරකථන මාර්ගයෙන් ඉල්ලා අස්වන්නැයි තමන්ට තර්ජනය කරන බවද ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ කීපදෙනෙකුට මෙන්ම ඇමතිවරයෙකුට ද තමන් තනතුරෙන් ඉවත් කිරීමට තදින්ම උවමනාව ඇති බව ද ඔහු සඳහන් කරයි.
ඇතුළේ සිටින ඉතා සීමිත පිරිසකගෙන් එල්ලවන තර්ජන හා ඇමතිවරයාගේ බලපෑම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස් වෙන්න ඇති බවත් කිසිම දූෂණ වරදක් කරලා නැති නැති තමන් ඉල්ලා අස්වෙන්නේ කුමටදැයි ඔහු ප්‍රශ්න කරයි.
