gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“අපි ගැහුවේ නෑ” – පොලිසිය කරුණු පැහැදිලි කරයි

ජාතික ජන බලවේගය පැවැත්වූ විරෝධතාවේදී කිසිදු අවස්ථාවක පොලිස් නිලධාරීන් එම පිරිසට බැට්න් ප්‍රහාරයක් හෝ පහර දීමක් සිදු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, විරෝධතාකරුවන් යූනියන් පෙදෙසට ගමන් ආරම්භ කිරීමේදී ඉබ්බන්වල මංසන්ධිය ආසන්නයේදී පෙළපාලියක් යාමට අවසර දීමට නොහැකි බවට කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ අතර එහිදී පොලිසියට බාධා කරමින් පෙළපාලිය යාමට සූදානම් වූ නිසා පොලිසියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට මෙලෙස කටයුතු කිරීමට සිදු වූ බව ද නිහාල් තල්දූව මහතා පැවසුවා.

ඔහු ප්‍රකාශ කර සිටියේ, කඳුළු ගෑස් වැදීම නිසා පුද්ගලයින් 29 දනෙකුට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහලට ගොස් ප්‍රතිකාර ලබා තිබූ බවයි.

මෙයින් ඇති වු තෙරපීම නිසා පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට පමණ තුවාල සිදු ව ඇති බව ත් ඔවුන් ප්‍රතිකාර සඳහා පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම දිසා භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අවශ්‍ය විමර්ශන කටයුතු සිදු ක‍රන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka