gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් නොදැන මහ රෑ දළදා මාළිගාවේ මහ මළුව හාරන්න ඇවිත්!

පුරාවිද්‍යා දැඩි රක්ෂිතයක් සේම දැඩි ආරක්ෂිත කලාපයක් වූ ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවට ඊයේ (21) මහ රාත්‍රියේ ඇතුළු වී මළුව කැණීමට උත්සාහ කළ පිරිසක් වළක්වා ගැනීමට හැකි වී තිබේ. මේ පිරිස ජල සම්පත් මණ්ඩලයෙන් බව පවසමින් මහ මළුවට ඇතුළු වී ඇත්තේ පුරවිද්‍යා බලධාරීන්ගෙන් කිසිම අවසරයක් ලබානොගෙන බව අප කළ විමසීමක දී තහවුරු විය.

ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුව පරිශ්‍රය දැඩි සංස්කෘතික සේම පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමියකි. මෙම සංස්කෘතික හා පෞරාණික භූමි ආරක්ෂා කිරීමට යොදා ගන්නා  රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අධීක්ෂණයකින් තොරව ඕනෑම ආයතනයකට හෝ පුද්ගලයෙකුට  කිසිම ආකාරයක කැණීමක් සිදුකිරීම සපුරා තහනම්ය.

එවන් වටපිටාවක රාජ්‍ය ආයතන හෝ වෙනත් ඕනෑම බලධාරියෙක් ස්වකීය අවශ්‍යතා අනුව  බලය යොදවා කරන මෙවැනි අත්තනෝමතික   අනීතික හැසිරීම් ජාතියටම සාපයක් වෙමින් ඇති බව විද්වත්හු පෙන්වා දෙති.

පසුගිය දෙසැම්බර් 13 වැනිදා කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ  ටොන් ගණනක් බර ඓතිහාසික සඳගල සොරකම්කළ පුරාවස්තු හොරුන් ගැන මේ වනතුරුත්  විධිමත් පරීක්ෂණ සිදුවී නැති බව හෙළි වී තිබේ.  එම අපරාධය පසුපස ඇමති පුතෙක් සිටින බවත් ඒ හේතුවෙන් එම විමර්ශන සාධාරණව සිදුනොවන බවත් වාර්තා වේ.

- lankasara


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka