gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය ක්ෂේත්‍රය මාරාන්තික අඩියකට, ඉක්මනින් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය තවත් බරපතළ වේවි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මතුව ඇති ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය ඉදිරියේදී තවත් බරපතළ වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

මෙහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සඳහන් කළේ, ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය ආදීය නොමැතිවීම නිසා මුලු පද්ධතියටම විශාල බලපෑමක් ඇති වී ඇති බවය.

නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා ද මෙහිදී අදහස් දක්වමන් පැවසුවේ මෙම තත්ත්වයට කඩිනමින් මැදිහත් නොවුණොත් ඉදිරි සුමාන කිහිපයකදී විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවය.

එමෙන්ම ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරන්නේ, ඇතැම් රෝහල්වල රුධිර පරීක්ෂණ කරන්න අවශ්‍ය පහසුම් පවා නොමැති බවත්, එක්ස් රේ මුද්‍රණය කරන්නේ ද එක්ස් රේ කොලය හතරට කපා බවත් ය.

එමෙන්ම ඉන්දියානු මූල්‍ය පහසුකම යටතේ ගෙන්වන ඖෂධවලින් 80% ලංකාවේ ලියාපදිංචි කළ ඖෂධ නොවන බවද, අනවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්වා අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට බලධාරීන් කඩිනමින් පියවරගත යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka