gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සරණට අධි චෝදනා!

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන තුනක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව සරණ ගුණවර්ධන මහතා රුපියල් 30,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළා.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩුව මාර්තු 23 වනදා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

2006 අගෝස්තු මස 01 වනදා සිට 2007 වසරේ ජූලි 31 වන දින දක්වා කාල සීමාව තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන තුනක් අවභාවිතා කිරීමත් තුළින් රුපියල් 3,510,000 ක් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka