gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීනය හෝ ඉන්දියාව උසාවි ගියොත් තෙල් සංස්ථාව ගස්!

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත නිසා ආසියානු සංවර්ධන බැංකුවේ යෝජනාවකට අනුව 2001 වර්ෂයේ සිදුකළ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික එකඟතා කඩවී ඇතැයි වාර්තා වේ.

අදාළ ඛනිජ තෙල් නිෂ්පාදන විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත මගින් ජාත්‍යන්තර ඛනිජ තෙල් නිෂ්පාදන සිල්ලර සැපයුම්කරුවන්ට  දේශීය වෙළඳපොළට ඇතුළුවීමට අවසර හිමිව තිබේ.

ඒ අනුව චීනය හෝ ඉන්දියාව අධිකරණයට ගියහොත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව බරපතල අර්බුදයකට ලක්වනු ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් කේෂත්‍රය පිළිබද ප්‍රවීණයෙකු වන සිරිල් සුදුවැල්ල මහතා ද අප කළ විමසුමකදී ඒබව තහවුරු කළේය.

2001 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන මුලික එකගතාවයන් වු ස්වාධින නියාමන එකකයක් යටතට පත් කිරිම හා ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සාධාරණ හා යුක්ති, සමානාත්මතාවයකින් කටයුතු කිරිමේ එකගතාවය නව පනත මගින් බිඳීගොස් ඇති බව ඔහු පෙන්වාදෙයි.

එම යෝජනා අනුව කොලොන්නාව තෙල් තොග නිමාව පිහිටුවා ඇති අතර එහිදී පාර්ශව තුනකට මෙරට ඉන්ධන බෙදාහැරීම හා අලෙවියට අවස්ථාව ලබා දී තිබේ.

ඛණිජ තෙල් සංෂ්ථාව, ඉන්දියන් තෙල් සමාගම සහ චීන සමාගමක් වන චයිනා සිනෝපැක් (China Sinopec) ආයතනයට මේ අවස්ථාව ලබා දිමට එමගින් හකඟව ඇත.

කෙසේවුවද, චයිනා සිනෝපැක් (China Sinopec) සමාගමට එසේ අවසර හිමිවුවද ඔවුන් සිය මෙහෙයුම් කටයුතු ලංකාව තුළ ආරම්භ කර නොමැත.

ඒ අනුව එම සමාගමට ලබාදී තිබූ තෙල් පිරවුම්හල් සියයකට වැඩි ප්‍රමාණයක් මහභාණ්ඩාගාරය යටතට පත්ව තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට ඉන්ධන ආනයන කිරීම සහ සිල්ලර වෙළෙඳපොළ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට විවෘත කිරීම සඳහා හිමිවූ කැබිනට් අනුවමැතියට යටත්ව විශභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඔක්තෝබර් 26 වැනිදා ඛණිජ තෙල් නිෂ්පාදන විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබිණි.

මේ අතර, වසර විසිඑකකට පෙර ආසියානු සංවර්ධන බැංකුව කළ යෝජනාව අනුව ස්වාධීන නියාමන ආයතනයක් මගින් ඛනිජ තෙල් නියාමනය කිරිම ආරම්භ නොකොට එහි බලය පත්වන විෂය භාර ඇමතිවරයා යටතේම තබා ගැනීමට කටයුතු කිරීම මගින්ද ආසියානු සංවර්ධන බැංකුවේ යෝජනා උල්ලංඝනය කර ඇති බව පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka