gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වසන්ත මුදලිගේ හිර කළ ඇත්තම හේතු මෙන්න - මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සම්පූර්ණ නියෝගය මෙන්න

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ඊයේ (31) නිදහස් කළා.

ඒ අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදීයි.

එහිදී එම නියෝගය සිදු කරනු ලැබුවේ මෙම කරුණු පැහැදිලි කරමින්,

🔸වසන්ත මුදලිගේව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා තැබීම සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

🔸වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පැවසුවේත් ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වසන්ත මුදලිගේට එරෙහි ව සාක්ෂි නොමැති බවයි.

🔸සැකකාර වසන්ත මුදලිගේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ බවක් හෝ ඒ සඳහා උපදෙස් දුන් බවක් ද අනාවරණය වී නැති බව මහේස්ත්‍රාත්වයා අවධාරණය කර තිබෙනවා.

🔸එමෙන්ම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ දැක්වෙන්නේ, වසන්ත මුදලිගේ විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ මුදල් හුවමාරු කරගත් බවට ගැමුණු විජේරත්න කළ ප්‍රකාශය ද සාක්ෂි නොමැති අනාවරණය නොවූ කරුණක් බවත් එය හුදු ප්‍රකාශයක් බවයි.

🔸මේ අතර වසන්ත මුදලිගේ විසින් ජාතිවාදය හෝ ආගම්වාදය මතු වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට ද සාක්ෂි ඉදිරිපත් වී නැති බවත් අධිකරණයේ දී තහවුරු වුණා.

🔸මෝටිවේෂන් අප්පච්චී නම් පුද්ගලයා විසින්, අරගලය තුළට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැමිණ සිදු කළ ක්‍රියාවන් පිළිබඳ කළ විවේචනාත්මක ප්‍රකාශය ද හුදු ප්‍රකාශයන් පමණක් බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.

🔸වසන්ත මුදලිගේව දිගින් දිගටම රඳවා තැබීම සඳහා ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් ඇතැම් කරුණු නිර්මාණය කළ ඒවා බව ද මහේස්ත්‍රාත්වරයා දක්වා තිබෙනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka