gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දය ෂුවර් නෑ.. දින සදහන් කිසිවක් මුද‍්‍රණය කරන්නේ නෑ..- රජයේ මුද‍්‍රණාලාධිපති

පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රකාශ කරන දින සඳහන් කරමින් ලිපි ලේඛන (ඡන්ද පත්‍රිකා ඇතුළු ලේඛන) මුද්‍රණ කටයුතු සිදුනොකරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය. මැතිවරණයට අදාළව කටයුතු සිදු කිරීමට මුද්‍රණාලයට රුපියල් මිලියන 200 ට වඩා වැයවන බවද ඇය කීවාය.
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වන බවත් එහි තීන්දුව ලැබෙන තෙක් මැතිවරණයට අදාළව සිදු කෙරෙන වැඩ කටයුතු සිදුනොකරන බවත් ඇය කීවාය. මේ වන විට මුද්‍රණාලය මගින් සිදුකරමින් පවතින්නේ ඕනෑම මැතිවරණයක් පැවැත්වීමේදී භාවිතා කළ හැකි ලේඛන මුද්‍රණය කිරීමක් පමණක් බවද ඇය කියා සිටියාය.
රාජ්‍ය ආයතනවල සේවාවන් සිදුකිරීමේදී ඊට වැය වන මුදල කලින් ලබාගෙන කටයුතු කරන ලෙස රජය ලබාදී තිබෙන උපදෙස් අනුව මුදල් ලැබීමෙන් පසු සිය කාර්යයන් ඉටුකරදීමට මුද්‍රණාලයටත් සිදුවන බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

චමින්ද සිල්වා
Divaina
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka