gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වාහන සීමා කරයි.. භාණ්ඩාගාරයෙන් නියෝගයක්.. මැතිවරණය කොට උඩ…

රජයේ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය විසින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම්දීමක් සිදුකර තිබේ.
රාජ්‍ය ආයතන වල වාහන සංචිත භාවනාව භාවිතා කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන්නැයි ඉන් උපදෙස් නිකුත් කර ඇත.

සම්මන්ත්‍රණ සාකච්ඡා රැස්වීම් ආදිය හැකිතාක් මාර්ගගත ක්‍රමවේද භාවිත කරමින් පැවැත්විය යුතු බවද එමගින් ප්‍රවාහන අවශ්‍යතා පැනනැගීම සීමා කිරීමට කටයුතු කළ යුතු බවද දැනුම් දී ඇත.

කලාප ප්‍රාදේශීය උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි හා සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යාංශ විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙස ද නියම කර තිබේ.

මෙම තත්ත්වය මත මැතිවරණ කොමිසමට සිය රාජකාරි කටයුතු සඳහා වාහන යොදා ගැනීම ගැටළුකාරී වී ඇත.

මීට පෙර ද මුදල් අමාත්‍යාංශය විසින් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත්තේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් මුදල් නිකුත් කරන බවයි. එහි අත්‍යවශ්‍ය කටයුතු ලෙස මැතිවරණ කටයුතු නම් කර නැත.

නව චක්‍රලේඛය මගින් ද වාහන භාවිතය සීමා කිරීම මත මැතිවරණය සඳහා ප‍්‍රවාහන කටයුතු සලසා ගැනීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka