එන ඡන්දෙන් අපි 50%ට වඩා අරන් දිනනවා සහතිකයි.. පොහොට්ටුවට කිසිම අභියෝගයක් නෑ…
එළැඹෙන පළාත් පාලන මැතිවරණයෙන් ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මාර්තු නව වැනි දා පැවැත්වෙන මැතිවරණය අනිවාර්යයෙන්ම පළාත් පාලන කොට්ඨාස 50% ඉක්මවා ජය ගන්නා බව ද හෙතෙම කියා සිටියි.
තම පක්ෂය කොට්ඨාස 2000 ඉක්මවා ජයගන්නා බවත් ඒ සඳහා කිසිම පක්ෂයකින් අභියෝගයක් නැති බවත් හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
එන ඡන්දෙන් අපි 50%ට වඩා අරන් දිනනවා සහතිකයි.. පොහොට්ටුවට කිසිම අභියෝගයක් නෑ…
2023-02-09T10:27:00+05:30
Gossip Lanka Hot News






