gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසන්ත මුදලිගේ-සිරිධම්ම හිමිගේ නඩුවේ විනිසුරුවරියට ‌නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ චෝදනාවන්ට එරෙහිව නීතීඥවරු අද පාරට බහී! (PHOTOS)

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නීතිඥවරුන් පිරිසක් අද (18) දහවල් විරෝධතාවක නිරත විය.
ඒ, අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට ඊයේ (17) මුහුණ දීමට සිදුවූ තත්ත්වය මුල් කරගනිමිනි. 
ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේ මහතා සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කළ නඩුව ඊයේ (17)  විභාගයට ගත් අවස්ථාවේ, ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, දිලීප පීරිස් මහතා අතිරේක මහේස්ත්‍රාත්වරිය නඩුව විභාග කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කළේ ය.

එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කිරීමට ඊයේ (17) පියවර ගත් අතර අද (18) මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැස්වූ නීතිඥවරුන් අතිරේක මහේස්ත්‍රාත්වරියට නැගූ චෝදනාවලට විරෝධය පළ කළ අතර පිරිස කෙසෙල්වත්ත මංසන්ධිය දක්වා පා ගමනක ද නිරත වූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka