gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“තනි කෙනා ජනාධිපති වෙච්ච රටේ තනි කෙනෙක් නගරාධිපතිත් වෙයි” – වජිරගෙන් ඉඟියක්!

පාර්ලිමේන්තුව තුළ තනි මන්ත්‍රීවරයෙකුව සිටි රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපතිවරයා වුණා නම් පළාත් පාලන ආයතන වල එකඟතාවයක් ඇතිකර ගෙන එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන ආයතන වල බලය ලබාගැනීමට හැකියැයි එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. 
ඔහු කියන්නේ ඒ අනුව නගරාධිපති, සභාපති ධුර හෝ උප සභාපති ධුර තම පක්ෂයට ලබාගත හැකි බවයි.

පළාත් පාලන ආයතන වලට එජාපයෙන් එක්කෙනෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක් පත්වුවත් එය ගැටළුවක් කර නොගන්නා ලෙසයි මන්ත්‍රීවරයා පවසන්නේ.

තනි මන්ත්‍රීවරයෙකුට රටේම ජනාධිපති විය හැකිනම් මන්ත්‍රීවරු දෙන්නෙක් පත් වූ පසුව නගරාධිපති හෝ සභාපති විය නොහැකි බව පවසන්නේ කෙසේදැයි ඔහු විමසනවා.

තනි මන්ත්‍රීවරයෙක් සිටින එජාපය දැන් පාර්ලිමේන්තුව තුළ කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර ඒ කණ්ඩායම කව්රුන්දැයි ඉදිරියේ දී දැකගත හැකි බවයි වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කියන්නේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka