gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයක් උවමනා නෑ - අස්ගිරි අනු නායක

ආර්ථික අර්බුදය තුළ ගිලී තිබුණු රට යම් ප්‍රමාණයකට ස්ථාවර මට්ටමකට පත්වෙමින් තිබෙන මේ අවස්ථාවේ මැතිවරණයකට වඩා අවධානය යොමු කළ යුත්තේ ජනතාවට සහන සැලසීමට බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

නව වසර වෙනුවෙන් ආශිර්වාද කරමින් වැඩි දුරටත් අදහස් දැක් වූ අනුනාහිමියන් ඇතැම් දේශපාලනඥයන්ට මැතිවරණයක අවශ්‍යතාව තිබුණත් ජනතාව එවැනි අවශ්‍යතාවකින් පසු නොවන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවද අවධාරණය කරති.

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමාජයක මැතිවරණ නිසි කලට පැවැත් වීම පාලකයින්ගේ වගකීම වුවත් දෙවසරක පමණ කාලයක් තිස්සේ අන්ත දුක්විඳි ජනතාවට පළමුව හොඳින් ජීවත් වීමට අවශ්‍යය පසුබිම සැකසීම මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යය බවද උන් වහන්සේ අවධාරණය කළහ.

රට යම් ප්‍රමාණයකට ස්ථාවර වනතෙක් සියලු දේශපාලන පක්ෂ නායකයන් පොදු එකඟතාවකට පැමිණ කටයුතු කර පසුව මැතිවරණයකට යාම සුදුසු යැයිද උපාලි නාහිමියෝ පවසති.

පැවැති ප්‍රශ්න යම් ප්‍රමාණයකට පාලනය වී රට ස්ථාවරත්වට පැමිණෙමින් තිබෙන මෙම අවස්ථාවේ මැතිවරණයකට යාමෙන් සිදුවන්නේ අලුතින් ප්‍රශ්න නිර්මාණය වීම බවත් මෙම යථාර්ථය සියලු පක්ෂ නායකයන් තේරුම් ගැනීම වැදගත් බවත් අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

– අසේල කුරුළුවංශ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka