gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාව අත්අඩංගුවට ගනිද්දී පොලිසියෙන් කිසිම සාධාරණ හේතුවක් කිව්වේ නෑ! ‌වඳ සැත්කම් කළැයි කී දොස්තර ෂාෆි ගොනුකළ පෙස්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කැඳවයි!

පොලීසිය මගින් තමා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන මෙන් ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් විසින් ගොනුකළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 16 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. 
ඒ, එම පෙත්සම සලකා බැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, එස්.තුරෙයි රාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

වද සැත්කම් සිදුකිරීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ෂාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය විසින් ප්‍රකාශ කර තිබිණි.

එහෙත් තමන්ව අත්අඩංගුවට ගැනීමේ දී කිසිදු සාධාරණ හේතුවක් පොලීසිය විසින් ප්‍රකාශ නොකළ බව පෙන්වා දෙන පෙත්සම්කාර වෛද්‍යවරයා අසත්‍ය සහ පදනම් විරහිත කරුණු මත තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

You May Like

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka