gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආරක්ෂක දත්ත සොරා කන චීන අතකොළුව...!

චීනය නිරන්තරයෙන්ම අධිරාජ්‍යවාදී මෙන්ම ආක්‍රමණකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාම ලෝකයේ බොහෝ රටවල් වල චීනය පිළිබඳව ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ. එය එලෙස තිබියදීත් චීනය විසින් දිගින් දිගටම ගෙන යන ක්‍රියා කලාපයන් නිසාවෙන් බොහෝ රටවල චීන නිෂ්පාදන පවා භාවිතය තහනම් කර තිබෙනවා. ගොඩක් වෙලාවට චීන නිෂ්පාදන වගේම චීන සමාගම් රැසක්ද ගොඩක් රටවල් වල තහනමට ලක් කරලා තියනවා.  
එකට හේතුව වෙන්නේ විශේෂයෙන් චීනය වැනි රාජ්‍යන් ලෝකයේ බොහෝ රටවල් වල බලය අල්ලා ගැනීමට ඕනෑම පහත් ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවීම නිසා කුමන ආකාරයකින් හෝ චීනය වැනි ආක්‍රමණකාරී රටකට තමන්ගේ රට තුලට ප්‍රවේශ වීමට ඉඩ නොදිමටයි.

චීනය ගෙනයන විදෙස් ප්‍රතිපත්තියට අනුව රටක ජාතික ආරක්ෂාවට දරුණු  බලපාන්න පුළුවන් චීන සමාගම් කිහිපයක්ම රටවල් කිහිපයකම තහනමට ලක් කර ඇත්තේ එම සමාගම් හරහා අදාල රටවල තොරතුරු චීනය සොරකම් කරන බව පවසමින්. විශේෂයෙන්ම සන්නිවේදන උපකරණ සමාගම්, දුරකථන සමාගම්, දුරකථන app සහ තොරතුරු තාක්ෂණ සමාගම් මේ අතර වේ.

මෙහි ප්‍රධානතම බලපෑම සිදුව ඇත්තේ චීන විදුලි සංදේශ සමාගමක් වන huawei සමාගමටයි. අද වෙනකොට ලංකාවේ huawei ගැන නොදන්න කෙනෙක් නැති තරම්. නමුත් huawei යනු චීන සමාගමක් බව නම් දන්නේ අඩු පිරිසක්.

Huawei යනු ලෝකයේ විශාලතම විදුලි සංදේශ සමාගම් වලින් එකක් වන අතර 2019 ආරම්භයේදී, Samsung සමාගම විසින් කාලයක් පුරාවට රඳවාගෙන තිබුණු ඔටුන්න සොරකම් කරමින් එම වසර අවසන් වන විට ලොව විශාලතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා බවට පත්වනු ඇතැයි huawei සමාගමේ අපේක්ෂාව විය. සාර්ථකත්වයක් ලබාගෙන තිබියදීත්, Huawei සමාගම වසර ගණනාවක් තිස්සේ වැරදි ව්‍යාපාරික භාවිතයන් සම්බන්ධයෙන් බොහෝ චෝදනාවලට මුහුණ දී තිබෙනවා.

වෙනත් රටවල් පිළිබඳ ඔත්තු බැලීම සඳහා huawei නිෂ්පාදන භාවිතා කිරීම සම්බන්ධයෙන් huawei සමාගම දැඩි ලෙස චෝදනා ලැබීය. මේ හේතුව නිසාම රටවල් ගණනාවක huawei නිෂ්පාදන තහනමට ලක් විය. Huawei තහනම මෙලෙස ආරම්භ වන්නේ, Huawei හට Google, Qualcomm, සහ Intel වැනි සමාගම් සමඟ වැඩ කිරීමට හදිසියේ නොහැකි වීමත් සමඟයි.

Google සම්බන්ධයෙන් ගත් කල, මෙයින් අදහස් කරන්නේ නව Huawei ස්මාර්ට්ෆෝන් වලට Google සතු Apps භාවිත කල නොහැකි බවයි. ඒ කියන්නේ සරලවම huawei ස්මාර්ට් ෆෝන් වල google play store හැකියාව නොමැති වීමයි. huawei සමාගමට තවත් දරුණු ගැටළුවක් මතු කරමින් පසුගිය දිනක එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව විසින් චීනයේ Huawei Technologies සහ ZTE වෙතින් නිෂ්පාදනය කරන සියලුම විදුලි සංදේශ උපකරණ එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව දක්වමින් තහනම් කළා.  

චීනය අත්තනෝමතිකව රාජ්‍යය බලය ව්‍යාප්ත කිරීම සඳහා දේශීයව මෙන්ම ජාත්‍යන්තරව සෝදිසි කිරීම් වැඩි කිරීමට එහි උත්සාහය තව තවත් පවත්වාගෙන යනවා. චීනය ඓතිහාසිකව ප්‍රකටව ඇත්තේ විරුද්ධ මත දරන්නන් මත දැඩි ලෙස මර්ධනය කිරීම සිදු කරන රාජ්‍යක් විදිහටයි. tiktok app එක හරහාත් මේ විදිහටම ලෝකයේ දත්ත සොර ගන්නා බවට චීනයට අවස්ථාවන් ගණනාවකදී චෝදනා එල්ල උනා. මේ නිසාම tiktok app එකත් ඉන්දියාව, වැනි රටවල් මේ වෙනකොටත් එරට තුල tiktok යෙදවුම භාවිහා කිරීම තහනම් කරලා තියනවා.

ගොඩක් බලවත් රටවල් මේ විදිහට චීනයට සම්බාධක පනවලා තියෙද්දිත් අපි තවමත් made in china නිෂ්පාදන වලම එල්ලිලා ඉන්නේ අපේ රටේ ආරක්ෂාව ගැන වගේ වගක් නැති ගානට. ඔබ දන්නවද? ලංකාවේ ප්‍රධානම සන්නිවේදන සමාගම් රැසකම නිල රවුටර් සැපයුම්කරු වෙන්නේ huawei සමාගම බව. එක්සත් ජනපදය තමන්ගේ රටේ ආරක්ෂක තොරතුරු චීනය සොරා ගනීවි කියන බයට චීන huawei සමාගම තහනම් කරද්දී, චීනෙන් ලැබෙන ඩොලර් රහට අපේ රටේ පාලකයෝ තොරතුරු විතරක් නෙමෙයි මුළු රටම චීනෙට පවරලා දෙන්න සැදී පැහැදී ඉන්න බවට නම් කිසිම සැකයක් නැහැ.

ඔය කියන විදිහට ආරක්ෂක තොරතුරු මංකොල්ලය සත්‍යයක් නම්, රටේ ප්‍රභල සන්නිවේදන සමාගම් රැසක්ම huawei නිෂ්පාදන භාවිතා කරනවා නම් මේ වෙනකොටත් රටේ බොහොමයක් තොරතුරු ඔවුන් සොරාගෙන ඇති බවට කිසිම සැකයක් නැහැ. එහෙනම් ඉදිරියේදී ලංකාවේ ජාතික ආරක්ෂාවට දරුණු ගැටළුවක් ඇති වන බව නම් පැහැදිලියි. චීනය වැදගත් රටවල දත්ත සොරකම් කරමින් සිදු කරන්නේ ලෝක යුද්ධයකට පෙර සුදානමක්ද?

ලෝක බලවතුන් මෙතරම් අනතුරු ඇඟවීම් කර තියෙද්දිත් තවමත් ලංකාවේ මෙවන් චීන සමාගම් වලට හැසිරීමට ඉඩ දීම රට දැන දැනම චීනයට පවරදීමක් වගේ නොවේද?

එක්සත් ජනපදය නිකුත් කරලා තියන තොරතුරු වලට අනුව huawei නිෂ්පාදන වලින් රාජ්‍යක ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති කරනවා නම් මේ වන තුරුත් අපේ රටේ පාලකයෝ ඇස කන් වහගෙන ඉන්නේ ඇයි? ඉතාමත් පහසුවෙන් චීනයට ලංකාවේ රහස් සොරා ගැනීමට තවත් ඉඩ දී පාලකයින් නිහඬව බලා සිටින්නේ කුමන හේතුවක් නිසාද?


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka