gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘සාරා ජැස්මින් මිය ගියාද..? ඉන්දියාවට පලා ගියාද..? තුන්වන ඩී.එන්.ඒ. වාර්තාව තවමත් ලැබී නෑ..!’ පොලිස්පති කියයි

පාස්කු ප්‍රහාරයට හවුල් වූ එක් ප්‍රධාන ප්‍රහාරකයෙකුගේ බිරිද බව පැවසෙන් සාරා ජැස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් ජීවත්ව සිටිනවාද නැතිනම් ඇය මියගොස් තිබේද යන්න තහවුරු කර ගැනීම සදහා පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී තෙවන වරටත් ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කළ අතර, එම පරීක්ෂණයේ වාර්තා මේ දක්වා තමන්ට ලැබී නැති බව පොලිස්පතිවරයා පවසයි. 
පාස්කු ප්‍රහාරකයන් සමග සමීප සම්බන්ධතාවයක් සාරා ජැස්මින්ට ඇති බවත් ප්‍රහාරය පිළිබද රහස් බොහෝ ප්‍රමාණයක් ඈ දැන සිටිය හැකි බවටත් බොහෝ දෙනා විශ්වාස කරයි.

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් මාසයේ සිදුකරන ලද ඩී.එන්.ඒ පරීක්ෂණයේ වාර්තාව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකසා අවසන් බවත් එම වාර්තාව අධිකරණයට ලබා දීමට නියමිත බවත් පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එමෙන්ම එම වාර්තාව මගින්ද සාරා ජැස්මින් මියගොස් ඇති බව තහවුරු නොවන බවද පැවසුණි.

කෙසේ වෙතත් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසන්නේ මේ දක්වා අදාල ඩී.එන්.ඒ වාර්තාව පොලිසියට ලැබී නැති බවයි.

සාරා ජැස්මින් යනු කටුවාපිටිය පල්ලියට ප්‍රහාරය එල්ල කළ මුහම්මුද් හස්තුන් නමැති අයගේ බිරිදයි.

පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී සාරා ජැස්මින් සහරාන්ගේ බිරිද ඇතුළු පිරිසක් සමග සයින්දමරුදුවල රැදී සිටි බව පැවසේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka