gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායකට කෑගහපු සිද්ධියට ආනන්ද පාලිතයි ධම්මිකයි ඊයේ රෑ අත්අඩංගුවට!

පසුගිය 20 වැනිදා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ කැඳවීමකට අනුව කොල්ලුපිටියේ පිහිටි කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ දී එම පරිශ්‍රයේ රැඳී සිටිමින් කොමිසමේ සාමාජිකියන් දෙදෙනෙක්වන මොහාන් සමරනායකට සහ උදේනි වික්‍රමසිංහට තර්ජනය කළ බව කියන සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කරන ලද නියෝගයකට අනුව කරන විශේෂ විමර්ශනයේ දී සාක්ෂි ලබා දී ඇති මොහාන් සමනායක පවසා තිබුණේ විදුලි පරිභෝජනය කරනන්න්ගේ සංමයේ ලේකම්වරයා තමන්ට රට පාවා නොදෙන ලෙස අනාගතයේ දී තර්ජනය කර කැට හොල්ලනට සිදුවනු ඇති බවට පැවසූ බවය.

ආනන්ද පාලිත කැට හොල්ලන්නටවත් පාරට බහින්නට බැරිවනු ඇතැයි කියමින් තර්ජනය කළ බවත් එය ඉතාම බරපතල තර්ජනයක් බවත් පවසා ඇත.

මොහාන් සරමනායක වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ට විරෝධය දැක්වීම සඳහා විපක්ෂ වෘත්තීය සමිති නායකයින් මෙන්ම පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය යැයි කියාගන්නා සංවිධාන ගෙන්වනු ලැබුවේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් බවට තමන් සැක කරන බවය.

උදේනි වික්‍රමරත්න සහ මොහොන් සමරනායක කොල්ලුපිටිය පොලිසියට පසුගිය 22 දා මේ පිලිබඳව දීර්ඝ ප්‍රකාශ ලබා දී ඇත.
නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් බව වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka