සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ නිලධාරී නඩයගේ වැඩ නිසා බෙහෙත් නැතිව රෝගීන් මිය යෑම ගැන GMOA ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිඛිතව දන්වන්න යයි
සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙන් ඖෂධ නොමැතිව රෝගීන් මිය යමින් සිටින බැවින් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට වහාම මැදිහත්වන්නැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත.
මෙම ලිඛිත ඉල්ලීම මේ සතිය තුළදී ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය.
ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට යෝජනාවන් කීපයක්ම ඉදිරිපත් කළ නමුත් ඒ කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකල බැවින් ඖෂධ හිඟය විසදුම් නොලැබුණ බවත් සිදුවූයේ හිඟය තව තවත් වර්ධනය වීම යැයිද හෙතෙම පෙන්වාදේ.
මේ වන විට රෝහල්වල ඖෂධ නොමැති වීමෙන් රෝගීන් මියයෑමේ තත්ත්වයන් නිර්මාණය වී ඇති බවද වෛද්‍ය චමිල් පැවසුවේය.
- ශ්‍රියානි විජේසිංහ
සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ නිලධාරී නඩයගේ වැඩ නිසා බෙහෙත් නැතිව රෝගීන් මිය යෑම ගැන GMOA ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිඛිතව දන්වන්න යයි
2023-01-23T16:55:00+05:30
Lanka Hot News






