gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව පෙරළන අලුත් පක්ෂය තව පැය 48කින් එළිදකී! අලුත් ලකුණත් සූදානම්!

අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරග කිරීමට නිදහස ජනතා සභාව සූදානම් වන බවත් ඉදිරි පැය 48 තුලදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. 
වැඩිදුරටත් අදහස් පල කල මන්ත්‍රීවරයා මෙසේද පැවැසුවා.

“පළාත් පාලන මැතිවරණය විපක්ෂය විසින් අරගල කර ලබා ගත් එකක්. මැතිවරණය තියන්න අවශ්‍ය බවට බල කලේ විපක්ෂයයි. ඒ සදහා විපක්ෂයේ පක්ෂ 23 ක් ඒකරාශී කරගෙන එකමුතුව හැදුවේ නිදහස ජනතා සභාවයි. මේ මැතිවරණය කල් දාන්න ආණ්ඩුව විවිධ උපක්‍රම දැරුවා. එම උපක්‍රම පරාජය කර ආණ්ඩුව කල්දැමීමට සූදානම් වූ මැතිවරණය ලබාගත්තේ විපක්ෂය විසින් අරගල කරලයි. නාමයෝජනා භාරදීමෙන් පසුවත් මේ මැතිවරණය කල්දැමීමට උත්සාහ කරාවිදැයි අපි සිතනවා. නාමයෝජනා භාරදීමට දින කැදවා තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමාටවත් කොමිසමටවත් පළාත් පාලන මැතිවරණය නොතබා යලි හැරෙන්න බැරි වේවි යැයි අපි සිතනවා.

නිදහස ජනතා සභාව ලෙස අපි සියලු ප්‍රගතිශීලී බලවේග හා පක්ෂ සමග සාකච්චා කලා. ඒ අනුව අලුත් ලකුණක් අලුත් සන්ධානයක් අලුත් පක්ෂයක් ලෙස එකතුවීමට අවශ්‍ය යැයි අපි සිතනවා. ඊලග පැය 48 තුලදී ස්ථිර වශයෙන්ම අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරග කිරීමට ප්‍රතිපත්ති මාලාවක් වටා එක්වී ඉදිරියට යාමට අපි තීන්දු කලා. හොරකමට හා වංචාවට තිත තියමින් සියලු බලවේග එක් කර අලුත් පක්ෂයක් අලුත් සන්ධානයක් ලෙස අපි ඉදිරිපත් වී ජනතාව බලාපොරොත්තු වෙන ගමේ පුංච් ආණ්ඩුව හදන්න අපිට මැදිහත්වීමට හැකි වේවි” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka