gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂලා අයින් වුණාට වැඩක් වුණාද? – සිස්ටම් චේන්ජ් ගැන නාමල් දැන් කියන කතාව

රාජපක්ෂලා අයින් වුණා කියා සිස්ටම් එක චේන්ජ් වුණාද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටිනවා.

තමා මුලින්ම සිස්ටම් චේන්ජ් කියන කාරණය ගැන කතා කළ බවත් ක්‍රීඩාවේ සිස්ටන් චේජ්න් එක තමා විසින් සිදු කළ බවද සඳහන් කළා. 
නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ රූපවාහිනී නාළිකාවක සාකච්ජාවකට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“සිස්ටම් චේන්ජ් එකක් ගැන කියනවනේ. දැන් මට මට කියන්නකෝ දැන් මේ සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන දේශපාලන පක්ෂ හැමෝම මොකද්ද එයාලගේ ප්‍රපෝසල් එක කියලා සිස්ටම් එක චේන්ජ් කරන්නේ. ඒ හැම කෙනාගෙම එක ම තර්කය තමයි නැහැ. රාජපක්ෂලා අයින් කරා ම සිස්ටම් එක චේන්ජ් වෙනවා. දැන් රාජපක්ෂලා අයින් වෙලානේ ඉන්නේ. දැන් මාස අටක් මේ පරිපාලනයේ නැහැ. දෙදහස් පහළවේ ඉදන් විස්ස වෙනකම් අපි හිටියේ නැහැ. අපි හිටියේ විපක්ෂයේ. දැන් වෙච්ච සිස්ටම් චේන්ජ් එක මොකක්ද? ඉතින් මේ මේ කාරණයේදී අපි පැහැදිලිව සිස්ටම් චේන්ජ් එකක් කියන කාරණය ඉස්සල්ලාම කැබිනට් මණ්ඩලයේ හිටිය කෙනෙක් මම.

හැබැයි මම ක්‍රීඩාවේ සිස්ටම් චේන්ජ් එකක් කරා. ඒකේ ප්‍රතිඵල තියෙනවා. වෘත්තිකයෝ ක්‍රීඩාවට එන වැඩපිළිවෙල හදලා, ක්‍රීඩකයෝ වෘත්තීමය වශයෙන් ක්‍රීඩකයෝ බවට පරිවර්තනය කරන තැනට ගෙනිච්චා. හැබැයි මේ සිස්ටම් එක අප්ග්රේඩ් කරන්නේ නැතුව මම පෞද්ගලිකව දකින්නේ මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් නෑ. මේ සිස්ටම් එක අප්ඩේට් වෙලා නෑ. දැන් අපේ මොබයිල් ෆෝන් එක ගන්නකෝ. මාස තුනකට සැරයක් අපි අප්ඩේට් එකක් දානවා නේ. හැබැයි මට කියන්නකෝ අපේ මේ රාජ් ය යාන්ත් රණය, රාජ් ය පාලන සිස්ටම් එක ඇතුලේ අපි අප්ඩේට් කරපු අවස්ථාවක් කියන්න. ඉතාමත් කලාතුරකින්, ආයතනයක් හෝ දෙකක අප්ඩේට් අප්ඩේට් එකක් කරලා ඇති අපි.

ඉතින් මේ අප්ඩේට් එක අපි කරන්නේ නැතුව මේ තැනට අපි ගෙනියන් නැතුව අපි කෙතරම් සටන් කරත් මහ පාරට වෙලා සිස්ටම් එක වෙනස් කරපන් කියලා අපි කොච්චර සටන් කරත් පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි දෙසිය විසි පහ මාරු කරලා, අලුත් දෙසිය විසි පහක් දාන්න. ඒ දෙසිය විසි පහ දුවන්නේ මේ ප්ලැට්ෆෝම් එක උඩ නම් එතනින් එහාට ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා පලක් වෙන්නේ නැහැ. ඉතින් මේ අරගලය අරගලය ඉතාම නිර්මාණශීලීයි. මං ඒක පිළිගත යුතු කාරණයක්. අරගලය ඇතුළේ සාධාරණ ඉල්ලීම් බොහොමයක් තිබ්බා. අරගලකරුවෝ එක්ක මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක මං එදත් කිව්වා. අරගලය පටන් ගන්න කොටත් මං කිව්වා. මොකද මම අපි දැක්කා අරගලයේ කවුද ඉන්නේ කියන එක. අරගලයක් ඇති වුණා. මේකෙ අවස්ථාවාදී ප්‍රයෝජනය ගන්නේ කියන එක අපි කවුද කියලා දැක්කා. හැබැයි අරගලකරුවා එක්ක ගැටලුවක් තිබ්බත් මං හිතන්නේ අරගලය ඇතුලේ විශාල පණිවිඩයක් තිබ්බා. හැබැයි අවාසනාව තමයි අරගලකරුවත් ඒ පණිවිඩය හරියට කියව ගත්තේ නැහැ.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka