ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසයි.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
උසස් පෙළ සමයේ විදුලිබලය විසන්ධි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැදවා තිබුණු විදුලි බල මණ්ඩලයේ නිළධාරීන්ට එම කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් තර්ජනය කර ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ එම නිළධාරීන් දෙදෙනා විසින් විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණ තිබුණු නිළධාරීන්ට තර්ජනය කර, ඔවුන් එකග නොවූ ලිපියකට අත්සන් ගැනීමට උත්සාහ දරා ඇති බවත්, අත්සන් නොකරන්නේ ඔවුන්ව සිරගත කරන බවට විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණ තිබුණු නිළධාරීන්ට තර්ජනය කර ඇති බවත් අමාත්‍යවරයා ඔහුගේ ට්වීටර් පණිවිඩයෙන් පවසයි.
මේ කරුණ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අදාල නිළධාරීන්ට එරෙහිව ගත යුතු නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

1) I was informed by Sec Min of Power & Energy that the officials that took part in the discussion with Human Rights Commision has informed that they had been pressurized to sign 2 documents that they did not agree by 2 members of HRC & was threatened with jail sentences.
— Kanchana Wijesekera (@kanchana_wij) January 27, 2023