gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෙදර නෑ කී ප්‍රධාන සැකකාර සඳගල හොරා ඇමති එක්ක !… ඇමති පුතා බේරාගැනීමේ සැලසුමක් සමග ඔහු CIDයට භාරවිමට සූදානමින්!

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතය තුළ තිබුණු ඓතිහාසික සඳගල සොරකම් කරගෙන ගොස් එහි ඇතුළත ඇති මුතු මැණික් සොයා ගැනීමේ මිත්‍යාවෙන් එය විනාශ කර ඇති බවට සැක කරන අපරාධය මෙහෙයවා ඇත්තේ මහනුවර සිටින රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සෙල්ලක්කාර පුතෙක් බව මෙතෙක් සිදුකළ පොලිස් පරීක්ෂණවලින් අනාවරණ්‍ය කරගෙන ඇතැයි වාර්තා වේ.
එහෙත් මේ වනවිට අදාල ඇමති පුතා උක්ත අපරාධයෙන් මුදා ගැනීමේ අශිෂ්ට මෙහෙයුමක් එළිපිටම ක්‍රියාත්මක වෙමින් ඇති බව විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

ටොන් එකකට වඩා වැඩි බරකින් යුතු මෙම පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම හඳුනා ගන්නේ අරුප්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකි. නුවර ප්‍රබල ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කරන ඔහු සිය ඩිෆෙන්ඩර් රථය යොදාගෙන මෙම සොරකමට ආරක්ෂාව සලසා තිබිණි. පසුව කළ විමර්ශන වලදී මෙම පුරාවස්තුව ගැලවීම සඳහා යොදා ගත් බූම් ට්‍රක් රථය ද මෙම පුද්ගලයාට හිමි එක්ක බව හෙළි විය. අනතුරුව ට්‍රක් රථය ද පොලිස් අත්අඩංගුවට ගත්තේය.මේ වනවිට පුරාවස්තුව නුවරින් පිට කිරීම සඳහා යොදාගත් වාහනය හා රියදුරුත්, තවත් පුද්ගලයෙකුත් අත්අඩංගුවේ පසුවේය.
මෙතෙක් සිදුකළ විමර්ශන අනුව මෙම පුරාවස්තු කොල්ලය සඳහා ඇමති පුතා විසින් යොදවා ඇති ප්‍රධානම පුද්ගලයා වී  ඇත්තේ අරුප්පොල පදිංචි ව්‍යාපාරික සම්බන්ධීකරණ ලේකම්වරයා බව හෙළි වී ඇත.

අදාල විමර්ශනය නුවරින් ගැලවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණ අවස්ථාවේ සිට මෙම තැනැත්තා අරුප්පොල නිවසින් අතුරුදහන්ව සිටියේය.

අද බුද්ධි අංශ වාර්තා කර ඇත්තේ දැනට ඔහු ඉන්නේ ඇමතිවරයා සමග ඇමතිවරයාගේ රැකවරණයේ බවය.

පුරාවස්තු කොල්ලයේ ප්‍රධාන සැකකරු වූ මෙම ව්‍යාපාරිකයාත් , ඔහුව මෙම අපරාධයේ යෙදවූ ඇමතිවරයාගේ සෙල්ලක්කාර පුත්‍රයාත් ගලවා ගැනීමේ සැලසුමක් සහිතව බොහෝ දුරට මෙම තැනැත්තා හෙට හෝ අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමේ සූදානමක් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඒ සඳහා කොළඹින් පිට පොලිස් ප්‍රධානීන් කීප දෙනෙකුගේ මගපෙන්වීම හා උපදෙස් ලැබී ඇතැයි ද වාර්තා වේ.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka