gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණයෙක් පැහැරගෙන ගොස් පහර දෙමින් සිටි ගමේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් ගමේ තරුණ පිරිසකගේ ප්‍රහාරයකින් මරුට…

තරුණයෙක් පැහැරගෙන සිරකරගෙන පහර දෙමින් සිටි වාරියපොළ රඹුකන වෙලව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ප්‍රදේශවාසීන්ගේ ප්‍රහාරයක් හමුවේ මරණයට පත් වී තිබේ. මෙසේ ඝාතනය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි සමරු රුවන් පතිරණ නොහොත් “ඇටිකුබ්බා” නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.

ගැටුම අතරතුර ඔහුගේ සොහොයුරා, වැඩිමහල් සොහොයුරිය සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
ඝාතනය සම්බන්ධව ගමේ තරුණයින් 05 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබිණි.

ගම් වැසියන් මාධ්‍යයට ප්‍රකාශ කළේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පවුල නිසා ගමේ අති මහත් බහුතරය දැඩිව පීඩා විඳි බවය. ඔවුන්ගේ මැර ප්‍රහාර ඉවසා දරාගෙන සැලකිය යුතු කාලයක් නිහඬව සිටි බවද ඔවුහු පෙන්වා දුන්හ.

ඔවුන් මගට බැස කියා සිටියේ මරණයට පත් වූ මෙම පුද්ගලයාගේ මළසිරුර හෝ ගමට නොගෙනෙන ලෙසය. එමෙන්ම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් තරුණයින් පස් දෙනා වහාම නිදහස් කරන ලෙස ද ගැමියෝ ඉල‍්ලා සිටියහ.

එම අවස්ථාවේ දී පොලිසිය ගම්වැසියන් අමතමින් පැවසුවේ මේ පුද්ගලයින් සම්බන්දව නීතිය ක්‍රියාත්මක වී ඇති බවත් ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලවලින් අඩක් ගත කර තිබුණේ බන්ධනාගාරවල බවත්ය.

එබැවින් මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කිරීම සඳහා ඉඩ ලබා දිය යුතු බවත් පොලිසිය ගම්වැසියන්ට කීවේය.
මේ මරණය සම්බන්ධව ගම් වැසියෝ කිරි උතුරුවා සතුට පල කරනු මාධ්‍ය වාර්තා කළේය. හිරු පුවත් සේවය සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka