gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පුංචිනිලමේගේ නෑයා සල්ලි නොදී නැවක කොටස් යකඩවලට කපාගෙන

වරාය අධිකාරියට ගෙවන්න තිබූ රුපියල් මිලියන දහසයක් නොගෙවා ත්‍රිකුණාමල වරායේ ගිලී ගිය නැවක කොටසක් ආශා මරයින් සර්විසස් (Asha Marine Services) නම් සමාගම විසින් යකඩවලට කපාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

අදාළ නෞකාව සම්පූර්ණයෙන්ම යකඩවලට කපා ගැනීමට එම සමාගම සැලැසුම් කර තිබී ඇතත්, වරාය අධිකාරියේ සභාපති කීර්ත් ඩි. බර්නාඩ් මහතාට ලැබුණු පැමිණිල්ලක් මත  ක්‍රියාත්මකව එම නැව කැපීම පසුගිය ජනවාරි 10 වැනිදා නැවැත්වීම නිසා එය වැළැකී ගොස් තිබේ.

ආර්.එම්.ජී. 200 නැමැති පුද්ගලික සමාගමක් සතු මෙම නෞකාව ත්‍රිකුණාමල වරායේ මඩ්කෝ නැමැති ප්‍රදේශයේ ගිලී ගොස් ඇත්තේ 2000 වසරේදීය.

එම නැව ගිලීගොස් ඇත්තේ වරාය ජැටියට ආසන්නයේ නිසා එය වෙනත් නෞකාවලට වාරය තුළට ඇතුළුවීමට බාධා මතුකර වරායේ දෛනික කටයුතුවලට ද බාධා පැමිණවීම හේතුවෙන් රුපියල් මිලියන 10ක් ගෙවන ලෙස වරාය අධිකාරිය විසින් නැව හිමි සමාගමට දන්වා තිබී ඇත.

මෙම නෞකාවේ යකඩ ටොන් 1200ක් පමණ ඇති බවත්, එහි යකඩ කැපීම අත්හිටුවන විට ද මෙහි යකඩ කපමින් සිටි ආශා මරයින් සර්විසස් (Asha Marine Services) සමාගම යකඩ ටොන් 600ක් පමණ කපාගෙන ගොස් අවසන් බව පැවසේ.

මේ අතර, වරාය සභාපතිවරයාගේ නියෝග මත නෞකාව කැපීම නතරකරන විට ද ලොරික පටවා තිබූ මේ නෞකාවේ යකඩ කොටසක් රුපියල් මිලියන 2.5ක් ලබාදී රැගෙන ගොස් ඇති බවද වාර්තා වේ.

කෙසේවුවද, මේවන විට අදාළ සමාගම ඉතිරි යකඩ කොටස කපාගෙන යාමට නම් වරායට අයවිය යුතු රුපියල් මිලියන 16 වහාම ගෙවන ලෙස වරාය අධිකාරිය දන්වා ඇති බවද වාර්තා වේ.

මෙසේ යකඩ කපාගෙන ගිය සමාගම හිටපු අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මහතාගේ බිරියගේ නැගනියගේ සැමියාට අයත් සමාගමක් බවද මේවන විට හෙළිව තිබේ.
-srilankamirror
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka