කෙසෙල්වත්ත පොලිසිය නීතීඥවරු පිරිසකට එරෙහිව උසාවියට කරුණු වාර්තා කිරීම පොලිස්පතිවත් පොලිස් මූලස්ථානයවත් දන්නෙ නෑ! පොලිසියෙන්ම වාර්තාවක් කැඳවයි!
නීතීඥවරුන් පිරිසක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේනයක් නිකුත් කර තිබේ.
පොලිස්පතිවරයාගේ හෝ පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ දැනුමකින් තොරව, නීතීඥවරු කිහිප දෙනෙකුට එරෙහිව කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතියවරයාගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
කෙසෙල්වත්ත පොලිසිය නීතීඥවරු පිරිසකට එරෙහිව උසාවියට කරුණු වාර්තා කිරීම පොලිස්පතිවත් පොලිස් මූලස්ථානයවත් දන්නෙ නෑ! පොලිසියෙන්ම වාර්තාවක් කැඳවයි!
2023-01-22T15:02:00+05:30
Gossip Lanka Hot News