gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිත්තර නැතිනම් කරවල මාලු කන්නලු… සත්ත්ව නිෂ්පාදන දෙපාරත්මේන්තු ලොකුම පුටුව බිත්තර මාෆියාවේ රූකඩයක් වූ හැටි කෝප් කමිටුව කියයි!

රටේ මිලියන 22ක් ජනතාවට අඩුම වියදමකින් ගත හැකි ප්‍රෝටීන ආහාරය වන බිත්තර පහසු මිලට ලබා දීමට කවර පියවරක් ගත්තද එයට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විරුද්ධ වන බවත් එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය සිය වාර්තාවක් මඟින් බිත්තර ගත නොහැකි නම් ප්‍රෝටීන අවශ්‍යතාව කරවල හා මාලුවලින් ලබා ගත හැකි බවට ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හිමාලී කොතලාවලට දැඩි විවේචනයක් එල්ල කළේය.
ඒ පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති පොදු ව්‍යාපාර කාරක සභාවේදී බිත්තර මිල සම්බන්ධ ප්‍රශ්නය උද්ගත වූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර ගේ සභාපතිත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව හමුවට එදින වෙළෙද අමාත්‍යංශය පාරිභෝගික අධිකාරිය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ගෙන්වා තිබුණු අතර බිත්තර මිල සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් විය.

මෙහිදි අදහස් දැක්වූ කාරක සභා සාමාජික මන්ත්‍රී නිමල් ලන්සා බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමේදීත් බිත්තර අඩු මුදලට පාරිභෝගිකයන්ට ලබා ගැනීම සඳහා පිටරටින් ආනයනය කිරීමට උත්සාහ කිරීමේදීත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තදින් විරුද්ධ වන බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තා පදනම් කරමින් මෙම කරුණ සනාථ කිරීමට උත්සාහ කළේ මෙසේය.
“ ඔබතුමියට අවශ්‍ය කොහොම හරි මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න. දෙපාර්තමේන්තුව හැදූ බිත්තරයක මිල තීරණය කිරීමේ සාධක බැලුවාම එය සුළු පරිමාණ ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීමට හැදුවත් දැන් සුළු පරිමාණ ව්‍යාපාරිකයනුත් නැතිවෙලා. නමුත් මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන් අධික ලාබ ලබනවා. “

“අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉදිරිපත් කරන සෑම වාර්තාවකින්ම පේන්නේ උපරිම සිල්ලර මිලකින් මිල පාලනය කිරීමෙන් හෝ ආනයනය කිරීමෙන් මිල අඩු කර පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමට හැම විටෙකම විරුද්ධ බවයි.“

“මම ඒක පෙන්වන්නම්. 2022 12 06 අධ්‍යක්ෂ ජනරාල්වරිය කමිටුවට කියනවා මව් සතුන් ගෙන්වා නැවත කර්මාන්තය යථා තත්වයට පත් කරන්න අවුරුද්දක් විතර යනවා. ඒ නිසා උපරිම සිල්ලර මිලක් පැනවීම කර්මාන්තයට අසීරුයි කියල. “
“වර්ෂයකට පමණ කාලයක් යනවා. නමුත් ආණ්ඩුව බිත්තර ආනයනය කරන්න ගියාම එතුමියම 2023 01 . 05 වනිදා කියනවා මව් සතුන් 31,000ක් ගේනවා ඒ නිසා ඉදිරියෙදී මිල අඩු කරන්න පුළුවන් කියල.“

“නමුත් ඇය කලින් රැස්වීමෙදී කියන්නේ මව් සතුන් 85000ක් ගේන්න කියල තිබුණත් ගෙන්වන්නේ 29000යි. මේ නිසා බිත්තර නිෂ්පාදනයේ සියයට 43ක අඩුවක් තියෙන්න පුළුවන් කියල. නමුත් ඇය මව් සතුන් 3100ක් එනම් 2000ක් වැඩි වෙද්දී කොහොමද බිත්තර නිෂපාදනය වැඩිවෙලා මිල අඩුවෙයි කියන්නේ. “

“ 2022 12. 06 2023 ඇය තවත් කතාවක් කියනවා . ඒ සත්ත්ව ආහාරවලට ගන්න බඩ ඉරිඟු එන්නේ 2023 මැද. ඒ නිසා උපරිම සිල්ලර මිල කර්මාන්තයට අවාසියි කියල. නමුත් 2023. 01. 06 වැනිදා රැස්වීමට ඇවිත් වෙනම කතාවක් කියනවා. “
“එයින් පැහැදිළිව පේන කරුණක් තමයි බිත්තර බිත්තර මිල ජනතාවට දැරිය හැකි මිලකට ලබා දෙනවා වෙනුවට මහා පරිමාණ කර්මාන්ත කරුවන්ට ලාබදායී වන ආකාරයට වැඩ කිරීම.“

මෙහිදී කෝප් කමිටුව සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර දෙපාර්තමේන්තු ක්‍රියාකලාපය විවේචනය කළ අතර අධ්‍යක්ෂ ජනරාල්වරිය කිසිදු දවසක බිත්තර ගෙන්වීමට ඉඩක් නොදෙනු ඇතැයි සඳහන් කළේය.

කෙස් වුවද අවසානයේ වෙළෙඳ අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ ප්‍රදානත්වයෙන් යුත් කමිටුවකට මේ සම්බන්ධයෙන් කඩිනමින් ගත යුතු පියවර පිළිබඳව තීන්දුවක් ගෙන දැනුම් දෙන ලෙස නියෝග කළේය
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka