දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක්.. ජනතාව පාරට බසින අරගලයක් ආසන්නයේ…
2023 ජනවාරි මුල් සතිය වන විට උත්තර ලංකා සභාගය ඇතුළු බලවේග රැසක් එක්ව නව සන්ධානයක් බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එම නව සන්ධානය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වංචා දුෂණ වලට ලක් නොවු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක් වෙන බවද ඔහු පැවසීය.
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
2023 මාර්තු මාසය වන විට පැය අටක විදුලි කප්පාදුවත් සමග රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණ වෙන බවත් කුඩා ළමුන්ට පවා අහාර දීමට නොහැකි ජනතාව මාර්තු මාසය වන විට පාරට බැස දැවැන්ත අරගලයක් සිදු කිරීමට ඉඩ ඇති බව ඒ මහතා එහිදී පැවසීය.
දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක්.. ජනතාව පාරට බසින අරගලයක් ආසන්නයේ…
2023-01-01T07:21:00+05:30
Gossip Lanka Hot News






