ඩයනා ගංජා නීතිගත කළා! මෙන්න දැන් පොහොට්ටු මන්ත්‍රී දොළවත්ත ගණිකා වෘත්තිය නීතිගත කරන්නලු! හොඳයි තව…! (VIDEO)
ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කරයි.
අයවැය කාරක සභා විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ මෙරට ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරැකිය හැක්කේ ගණිකා වෘත්තිය නීති ගත කලහොත් පමණක් බවයි.
එනිසා ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අදාල නීති සම්පාදනය කළ යුතු බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
සංක‍්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැදගත් වුවත් ශ්‍රී ලංකාව සමාජ ප්‍රතිසංස්කරණ වලට අවතීර්ණ විය යුතු කාලය පැමිණ ඇති බවත් හෙතෙම තව දුරටත් සඳහන් කළේය.
ඩයනා ගංජා නීතිගත කළා! මෙන්න දැන් පොහොට්ටු මන්ත්‍රී දොළවත්ත ගණිකා වෘත්තිය නීතිගත කරන්නලු! හොඳයි තව…! (VIDEO)
2022-12-03T07:46:00+05:30
Gossip Lanka Hot News






