gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවට ලෝකයේ අන්ත දුගී රටවලට ලැබෙන මූල්‍ය සහන ලබාගැනීමේ ප්‍රවේශය ලෝක බැංකුව අනුමත කරයි

ලෝකයේ අන්ත දුගී සහ දැඩිම අවදානම් සහිත රටවල් සඳහා මූල්‍ය ආධාර ලබා දෙන  ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව විසින් අනුමත කර ඇත.

ලෝක බැංකුවේ  ජාත්‍යන්තර සංවර්ධන සංගමය  ( IDA) යනු ලෝකයේ දුප්පත්ම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල අන්ත දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම සඳහා අරමුදල් සපයන විශාලතම මූලාශ්‍රවලින් එකකි.

IDA විසින් ආර්ථික වර්ධනය ඉහළ නංවන, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟන සහ ලොව පුරා සිටින දුප්පතුන්ගේ ජීවිත වැඩිදියුණු කරන ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා රටවල්  වෙනුවෙන් ප්‍රදාන සහ ශුන්‍ය හෝ අඩු පොලී ණය ලබා දෙන ආයතනයකි.

1960 සිට IDA විසින් රටවල් 114 ක ආයෝජන සඳහා ඩොලර් බිලියන 496 ක් පමණ ලබා දී ඇත.

අඩුම පොලියට ලබා දෙන මෙම ආකාරයේ මූල්‍යකරණයන්   ශ්‍රී ලංකාවේ   ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දරිද්‍රතාවයෙන් හා කුසගින්නෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමට    උපකාරී  වනු ඇතැයි ලෝක බැංකුව අද (6) ප්‍රකාශ කළේය.

මෙම අනුමැතියෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව දැන් IDA රටක් බවට පත් වී තිබෙන බවය.

ජාත්‍යන්තර සංවර්ධන සංගමය ( IDA) සහාය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික  ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන විට, විශේෂයෙන් දුප්පතුන් ඉලක්ක කරගත්  ක්‍රියාමාර්ග සඳහා ලෝක බැංකුව සහනදායී මූල්‍යකරණය, තාක්ෂණික සහාය සහ ප්‍රතිපත්ති උපදෙස් ලබා දෙනු ඇත.

ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ  ( IDA) රටක් ලෙස ශ්‍රී ලංකාව ද IDA මෙහෙයුම් ප්‍රතිපත්තිවලට යටත් වනු ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka