gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෙල වැළලාගෙන මැරුණා කියපු ඉන්දීය සුපිරි නළු සුසාන්ත් සිං ගේ මරණය සිය දිවි නසා ගැනීමක් නොව මිනීමරුමක්ලු!

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ 34 හැවිරිදි වියේ පසු වූ සුෂාන්ත් සිං රාජ්පුත් 2020 වසරේ ජූනි මස 14 වැනිදා මුම්බායි හි ඔහුගේ නිවසේ කාමරයක මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ සුෂාන්ත් සිං ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය මිනීමරුමක් වන බවත් ය. 
සුෂාන්ත් ගේ මරණ පරීක්ෂණය සිදුකිරීමට සම්බන්ධ වූ රූප්කුමාර් ෂා නැමැති නිලධාරියෙකු විසින් ඉන්දීය රූපවාහිනී මාධ්‍ය ආයතනයකට සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔවුන් මේ බව වාර්තා කර තිබේ.

අදාළ නිලධාරියා පවසා ඇත්තේ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ සිරුරේ සැකකටයුතු සලකුණු කිහිපයක් තිබූ බවත් එවායින් 2ක් හෝ 3ක් ගෙලෙහි තිබූ බවත්ය.

සුෂාන්ත් ගේ සිරුර දුටු විගසම එය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය මිනීමරුමක් වන බවත් තමන්ට වැටහුණ අතර ඒ සම්බන්දයෙන් තමන්ගේ ඉහළ නිලධාරින් දැනුම්වත් කළ බවත් ඔහු පවසා ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තා කිරීමට අවශ්‍ය වූ නමුත් එම අවස්ථාවේදී ඉහළින් ආ නියෝග මත සිරුරේ එම සලකුණු වල ඡායාරූප ගැනීම පමණක් සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka