gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දේශපාලන පක්ෂ අයිස් කවලා සරසවි සිසුන්ගේ මනස විකෘති කරලා - ප්‍රසන්න රණතුංග

දේශපාලන පක්ෂ විසින් සරසවි සිසුන්ට අයිස් කවා මනස විකෘති කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

විශ්වවිද්‍යාල තුළ පහරදීම් ඇතුලු අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පක්ෂ, පාඨ භේදයකින් තොරව සියලු පක්ෂ එකට එකතුවී තීරණයක් ගත යුතු බවද කියා සිටියා. 
ඒ මහතා එහිදී මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අපි කවුරුත් මේ සිද්ධිය හෙළා දකිනවා. සිද්ධිය සම්බන්ධයෙන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලනවා. මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න යද්දී සමහර දේශපාලන පක්ෂ විරුද්ධ වෙනවා. දෙබිඩි කතා අවශ්‍ය නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ගෙවල් විනාශ කරන උසිගන්වන අය අතර මහාචාර්යවරුන් හිටියා. සමහර මහාචාර්යවරුන්. සමහර මහාචාර්යවරුන් ගෙවල් ගිනි තියන්න ගියා. අහිංසක දරුවන්  අද විශ්ව විද්‍යාලයකට  යන්න බයයි. ගොඩක් ආයතන වලට රජයේ විශ්වවිද්‍යාලවල  දරුවන් ගන්න බයයි. පෞද්ගලික විශ්වවිද්‍යාල දරුවන් ගන්නෙ ඒකයි.  මාත් කියනවා  ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. දරුවන්ට අයිස් කවලා මනස විකෘති කරලා තියෙන්නේ. සමහර මහාචාර්යවරුන් කතා කරන්නෙත් ගහපියව් මරපියව් කියලයි.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka