gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවට සහාය දෙන්න අමෙරිකාවෙන් කොන්දේසියක්! ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක දේශපාලන ප්‍රතිසංස්කරණත් ඉල්ලයි!

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණ ද අවශ්‍ය බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය ඊයේ අවධාරණය කොට තිබේ. 
USAID ප්‍රකාශිකා ජෙසිකා ජෙනිංග්ස් පැවසුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ තවදුරටත් අවබෝධ කර ගැනීම සඳහා සමන්තා පවර් මහත්මිය ඊයේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා හමුවූ බවයි.

සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණි පරිපාලක පවර්, ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සහ ආන්තික ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා සොයා බැලීම ඇතුළුව එහි සංකීර්ණ අර්බුදය විසඳීමට උපකාර කිරීමට සහාය වීමට එක්සත් ජනපද කැපවීම නැවත අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණ ද අවශ්‍ය බව ඇය මෙහිදී අවධාරණය කොට ඇත.

සාමය සහ සමෘද්ධිය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කිරීමට USAID ආයතනය කැපවී සිටින බව ජෙනිංග්ස් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka