gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මැතිවරණ සටනට දේශපාලන සන්ධාන 3ක්! ප්‍රබලයින් තැනින් තැන සාකච්ඡා – එක්වන පක්ෂ මෙන්න

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව එක් සන්ධානයක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හවුල් පක්ෂවල ලංකා උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවඑක් එක්ව එක් සන්ධානයක් ද, ජාතික ජන බලවේගය වෙනම ද මැතිවරණ බිමට පිවිසීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව මැතිවරණයට මුහුණදීම සඳහ මේ වන විට මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,උත්තර සභාගය හා නිදහස ජනතා සභාව එක්ව නව සන්ධානයක් යටතේ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි වාර්තා වනවා.

උත්තර සභාගයේ විධායක සභාව ඉකුත් සතියේදී කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් වී ඇති අතර නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය හා ඩලස් අලහප්පෙරුම කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

එතෙක් එම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම ද දිගටම කරගෙන යාමට ඔවුන් තීරණය කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට පුළුල් සන්ධානයකින් තරග කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තරය සභාගය සමඟ සාකච්ඡා කරගෙන යන බව නිදහස ජනතා සභාවේ ආරංචි මාර්ග සඳහන් කළා.

අලුතින් ම පිහිටුවන සන්ධානයක් ලෙස මැතිවරණයට තරග කිරීමටයි ඔවුන්ගේ බලාපොරොත්තුව.

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එසේ වුවහොත් මැතිවරණය පෙබරවාරි මාසයේ පැවත්වීමට නියමිත බව දැනගන්නට තිබෙන අතර පළාත් පාලන පනත අනුව පළාත් පාලන ආයතන ලබන මාර්තු මස 20 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතුයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka